AFC Banner
AFC Banner
Empty Ad

අවසන් එක්දින තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද තරගයේ දී වනිඳු හසරංග විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා අද තරගයට එක් නොවන අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් අද තරගයට එක්වනවා.

මේ අතර අද තරගයේ දී නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තා.

ඔහුට හිමි එක්දින හිස්වැස්ම මෙරටින් බිහි වූ විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අතින් පිරිනැමුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ඒ අනුව ට්‍රැවිස් හෙඩ් අද තරගයෙන් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර අද තරගය නැරඹීමට පැමිණ ඇති ප්‍රේක්ෂකයින් රැසක් කහ පැහැති ඇදුම් ආයිත්තම්වලින් සැරසී සිටින ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?