අවලෝකිතේෂ්වර බෝධිසත්ව ගැන CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

අවලෝකිතේෂ්වර බෝධි සත්ව නමින් පුද්ගලයෙකු බුදු දහමට හානි වන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනවාරි පළමුවනදා විදේශයක සිට පැමිණි මොහු නොයෙක් ස්ථානවල රැදී සිටිමින් බුදු දහම විකෘති කරමින් ප්‍රකාශ කරන බවටයි උන් වහන්සේ පැමිණිල්ල මගින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූ පූජ්‍ය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට මරණ තර්ජන සිදුකර ඇති බවටද සඳහන්.

එමෙන්ම මොහු පසුගිය දිනවල ජීවිත විනාශ කර ගැනීමට පෙළඹවූ දේශකයා මෙන් සිය දිවි හානි කර ගැනීමට පොළොඹවන බව ද පැමිණිලිකරු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ගෞරවණීයම කාන්තා චරිතය වන යශෝධරා දේවියට අපහාස වන අන්දමින් මොහු ප්‍රකාශ නිකුත් කරන අතර ඔහුට එරෙහිව කටයුතු කළ හොත් පරිස්සම් වන්නැයි වැනි අදහසකින් නීතිපති හා අධිකරණ පද්ධතියට තර්ජනය කරන බවද එම පැමිණිල්ලේ සඳහන්.

මෙම පුද්ගලයා පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීමටත් අධිකරණ නියෝගයක් ගෙන මානසික ප්‍රතිකාර සඳහා රෝහලකට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි අඟුලුගල්ලේ ජිනාන්ද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?