අවලෝකිතේෂ්වර බෝධිසත්ව ගැන CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

අවලෝකිතේෂ්වර බෝධි සත්ව නමින් පුද්ගලයෙකු බුදු දහමට හානි වන ලෙස ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනවාරි පළමුවනදා විදේශයක සිට පැමිණි මොහු නොයෙක් ස්ථානවල රැදී සිටිමින් බුදු දහම විකෘති කරමින් ප්‍රකාශ කරන බවටයි උන් වහන්සේ පැමිණිල්ල මගින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූ පූජ්‍ය ගලගම කුසලධම්ම ස්වාමීන් වහන්සේට මරණ තර්ජන සිදුකර ඇති බවටද සඳහන්.

එමෙන්ම මොහු පසුගිය දිනවල ජීවිත විනාශ කර ගැනීමට පෙළඹවූ දේශකයා මෙන් සිය දිවි හානි කර ගැනීමට පොළොඹවන බව ද පැමිණිලිකරු පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ගෞරවණීයම කාන්තා චරිතය වන යශෝධරා දේවියට අපහාස වන අන්දමින් මොහු ප්‍රකාශ නිකුත් කරන අතර ඔහුට එරෙහිව කටයුතු කළ හොත් පරිස්සම් වන්නැයි වැනි අදහසකින් නීතිපති හා අධිකරණ පද්ධතියට තර්ජනය කරන බවද එම පැමිණිල්ලේ සඳහන්.

මෙම පුද්ගලයා පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරික්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීමටත් අධිකරණ නියෝගයක් ගෙන මානසික ප්‍රතිකාර සඳහා රෝහලකට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි අඟුලුගල්ලේ ජිනාන්ද පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07