අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන

සන්දිවේලි ප්‍රදේශයේ දේවපුරම් ක්‍රීඩාංගණය අසල කැලෑබඳ ප්‍රදේශයක තිබී අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව ඊයේ (15) පෙරවරුවේ මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

බිළිදු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මඩකලපුව රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සන්දිවේලි පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?