අලුතින් පෝලිම්වලට එන්න එපා – සිරි දළදා වන්දනාවට අවස්ථාව ස්ටිකරය ඇති අයට පමණයි

සිරි දළදා වන්දනාව අටවන දිනට අද (25) පෙරවරු 11.000ට ආරම්භ වුණා.

පොලිසිය සඳහන් කරන්නේ හඳුනාගැනීමේ ස්ටිකරය නිකුත් කර ඇති දැනට පෝලිම්වල රැඳී සිටින පිරිසට පමණක් ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාව අවස්ථාව හිමිවන බවයි.

ඒ, අනුව කිසිඳු හේතුවක් මත අලුතින් පෝලිම් වෙත එක් නොවන ලෙසයි මහජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා ඇති ප්‍රවේශ මාර්ග තුනේ තවමත් සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ, අනුව ලක්ෂ 04ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් මෙලෙස පෝලිම්වල රැඳී සිටින බව පොලීසිය සඳහන් කරනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පෙරවරුවේ ද ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණියා.

ජනාධිපතිවරයා ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයා විසින් සිදුකළ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණ සිටින බැතිමතුන් අතර ගොස් ඔවුන්ගෙන් සුවදුක් විමසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?