අලුතින් පෝලිම්වලට එන්න එපා – සිරි දළදා වන්දනාවට අවස්ථාව ස්ටිකරය ඇති අයට පමණයි

සිරි දළදා වන්දනාව අටවන දිනට අද (25) පෙරවරු 11.000ට ආරම්භ වුණා.

පොලිසිය සඳහන් කරන්නේ හඳුනාගැනීමේ ස්ටිකරය නිකුත් කර ඇති දැනට පෝලිම්වල රැඳී සිටින පිරිසට පමණක් ඉදිරි දින දෙක තුළ සිරි දළදා වන්දනාව අවස්ථාව හිමිවන බවයි.

ඒ, අනුව කිසිඳු හේතුවක් මත අලුතින් පෝලිම් වෙත එක් නොවන ලෙසයි මහජනතාවට පොලිසිය දැනුම් දෙන්නේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා ඇති ප්‍රවේශ මාර්ග තුනේ තවමත් සැදැහැවතුන්ගෙන් පිරී පවතින බවයි ‘දසත නිවුස්’ වාර්තාකරුවන් සඳහන් කළේ.

ඒ, අනුව ලක්ෂ 04ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් මෙලෙස පෝලිම්වල රැඳී සිටින බව පොලීසිය සඳහන් කරනවා.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පෙරවරුවේ ද ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණියා.

ජනාධිපතිවරයා ඊයේ (24) රාත්‍රියේ හදිසියේම මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම ජනාධිපතිවරයා විසින් සිදුකළ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණ සිටින බැතිමතුන් අතර ගොස් ඔවුන්ගෙන් සුවදුක් විමසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34