අලුත් විවාහය නිවේදනයකර හෝරා කිහිපයකින් පසු 20-20 වාර්තා අලුත් කළ ෂොයිබ් මලික්

පාකිස්ථාන සුපිරි තුන් ක්‍රීඩක ෂොයිබ් මලික්ට තම අලුත් විවාහය නිවේදනය කර පැය කිහිපයකට පසු විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරන්නට හැකියාව ලැබුණා.

ඒ, පන්දුවාර විස්ස තරග රටාව තුළ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එත් සමඟ ඔහු විස්ස තරග රටාවේ ලකුණු 13,000ක් රැස්කළ ලොව දෙවන ක්‍රීඩකයා බවට ද පත් වුණා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (20) පැවති රංග්පූර් රයිඩර්ස් සහ ෆෝචූන් බැරිෂාල් අතර තරගයේ දී මලික් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර ගියා.

ෂොයිබ් මලික් මේ වනවිට විස්සයි විස්ස තරග 526කට ක්‍රීඩා කරමින් ලකුණු 13010ක් රැස්කරගෙන සිටින අතර, බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ ලකුණු 13,000ක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වනවා.

41 හැවිරිදි ෂොයිබ් මලික් දැනටමත් ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති නමුත්, විස්සයි විස්ස තරග ආකෘතිය තුළ තවමත් රැඳී සිටින්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථාන සංචිතය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන්.

මේ අතර ඔහු එරට ජනප්‍රිය නිලියක් වන සානා ජාවෙඩ් සමඟ කරච්චියේදී දෙවන වරට විවාහ වූ බව ඊයේ (20) දිනයේ දී නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි
01:02
Video thumbnail
අනුර මේ වෙලාවේ විපක්ෂයේ හිටියා නම් අමුතු කතා කියයි
04:43
Video thumbnail
අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස්.?
06:29
Video thumbnail
මේ ප්‍රශ්න සියල්ලටම රනිල් විසඳුම් දීලා තියෙන්නේ
03:41
Video thumbnail
අමෙරිකාවේ ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර
00:23
Video thumbnail
කුඹුරු අක්කර 7000ක් බේරාගැනීමට නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියා."වැලි කොට්ට 15000ක් දාලා බැම්ම හැදුවා"
01:51
Video thumbnail
පුටු මාරුවීමක් නිසා කොළොන්නාව ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි
04:46
Video thumbnail
කාර් එකක් උඩට වැ#මින් ගුවන් යානයක් සුණු විසුණු කළ බිහිසුණු අනතුර..
00:47
Video thumbnail
ළමයින්ගේ තොරතුරු ඉල්ලන කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්න එපා..වැරදි අය අතට තොරතුරු ගියොත් ළමයි අනතුරේ
02:56
Video thumbnail
මෙන්න ඉදිරියේදි කාළගුණයෙන් වෙන්න ‍යන බලපෑම..රතු නිවේදන දෙන හැම තැනකින්ම ඉක්මනින් ඉවත් වෙන්න..
03:58


?