අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (11) දිට ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

මේ වෙනුවෙන් දුම්රිය 10ක් හඳුන්වා දී ඇති බවයි සාමාන්‍යධිකාරීවරයා පැවසුවේ.

ඒ, අනුව අද (11) දිනයේ එම විශේෂ දුම්රිය 06ක් ධාවනය වන බවයි සාමාන්‍යධිකාරීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මේ අතර මෙම විශේෂ දුම්රිය අප්‍රේල් 18, 19 සහ 20 යන දිනවල දී යළි කොළඹ බලා ධාවනය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවයි ඔහු මෙහිදී පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?