අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සූදානමින්

මෙවර නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු චාරිත්‍රවලට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

නැකැත් පත්‍රයේ යෙදෙන පළමු නැකත් වේලාව හෙට පූර්වභාග 8.35ට යෙදෙන පූණ්‍ය කාලයෙන් ආරම්භ වනවා.

ඒ අනුව, හෙට පූර්වභාග 8.35ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන් නැකත් පත්‍රයේ සඳහන්.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා.

නව වසර යනු පැරණි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, රසකැවිලි, විනෝදය සහ ක්‍රීඩා සහ තෑගි සමඟ නව ආරම්භයක උදාව සනිටුහන් කිරීමයි.

ආගමික වතාවත් ද අලුත් අවුරුද්දේ අනිවාර්ය අංගයක්.

මේ වසරේ ‘නැකත් සීට්ටුවට’ අනුව, හෙට පස්වරු 02:59 ට සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා.

ව්‍යාපාර සහ රැකියාවට අදාළ සියලු කටයුතු නතර වන ‘පුණ්‍ය කාලය’ හෙවත් ‘නොනගතය’ යෙදී ඇත්තේ හෙට පෙරවරු 08.35 සිට රාත්‍රී 09.23 දක්වා යි.

වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම සහ ආහාර අනුභවය සඳහා නැකත හෙට පස්වරු 05.05 ට යෙදී තිබෙනවා.

අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගෙන් අද උදෑසන කාලයේ ද කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළ පිරී පැවතුණා.

කෙසේ වෙතත් සෙසු නගර ආශ්‍රිතව ජනතාව ක්‍රමයෙන් අඩු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේද පිටකොටුව බස් නැවතුම්පළේ තිබූ මගී තදබදය අද පස්වරුව වන විට ක්‍රමයෙන් අඩු වී තිබුණා.

ප්‍රමාණවත් පරිදි බස් රථ තිබුණද ඒවායෙන් ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට මගින් නොමැති තත්ත්වයක්ද දැකගත හැකි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මගී අවශ්‍යතාවය මත අද රාත්‍රියේත් බස් රථ ධාවනය කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.

ඔහු සඳහන් කළේ, ප්‍රවාහන සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට ලබන 18 වැනි දා දක්වා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

අලුත් අවුරුදු නිවාඩු සමයේ ආසන වෙන් කිරීමේ සේවාව ද අවලංගු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?