අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සූදානමින්

මෙවර නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු චාරිත්‍රවලට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

නැකැත් පත්‍රයේ යෙදෙන පළමු නැකත් වේලාව හෙට පූර්වභාග 8.35ට යෙදෙන පූණ්‍ය කාලයෙන් ආරම්භ වනවා.

ඒ අනුව, හෙට පූර්වභාග 8.35ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන් නැකත් පත්‍රයේ සඳහන්.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා.

නව වසර යනු පැරණි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, රසකැවිලි, විනෝදය සහ ක්‍රීඩා සහ තෑගි සමඟ නව ආරම්භයක උදාව සනිටුහන් කිරීමයි.

ආගමික වතාවත් ද අලුත් අවුරුද්දේ අනිවාර්ය අංගයක්.

මේ වසරේ ‘නැකත් සීට්ටුවට’ අනුව, හෙට පස්වරු 02:59 ට සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා.

ව්‍යාපාර සහ රැකියාවට අදාළ සියලු කටයුතු නතර වන ‘පුණ්‍ය කාලය’ හෙවත් ‘නොනගතය’ යෙදී ඇත්තේ හෙට පෙරවරු 08.35 සිට රාත්‍රී 09.23 දක්වා යි.

වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම සහ ආහාර අනුභවය සඳහා නැකත හෙට පස්වරු 05.05 ට යෙදී තිබෙනවා.

අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගෙන් අද උදෑසන කාලයේ ද කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළ පිරී පැවතුණා.

කෙසේ වෙතත් සෙසු නගර ආශ්‍රිතව ජනතාව ක්‍රමයෙන් අඩු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේද පිටකොටුව බස් නැවතුම්පළේ තිබූ මගී තදබදය අද පස්වරුව වන විට ක්‍රමයෙන් අඩු වී තිබුණා.

ප්‍රමාණවත් පරිදි බස් රථ තිබුණද ඒවායෙන් ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට මගින් නොමැති තත්ත්වයක්ද දැකගත හැකි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මගී අවශ්‍යතාවය මත අද රාත්‍රියේත් බස් රථ ධාවනය කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.

ඔහු සඳහන් කළේ, ප්‍රවාහන සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට ලබන 18 වැනි දා දක්වා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

අලුත් අවුරුදු නිවාඩු සමයේ ආසන වෙන් කිරීමේ සේවාව ද අවලංගු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50