අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාව සූදානමින්

මෙවර නැකැත් පත්‍රයට අනුව අලුත් අවුරුදු චාරිත්‍රවලට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි.

නැකැත් පත්‍රයේ යෙදෙන පළමු නැකත් වේලාව හෙට පූර්වභාග 8.35ට යෙදෙන පූණ්‍ය කාලයෙන් ආරම්භ වනවා.

ඒ අනුව, හෙට පූර්වභාග 8.35ට පෙර ආහාර අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම මැනවි යනුවෙන් නැකත් පත්‍රයේ සඳහන්.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා.

නව වසර යනු පැරණි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, රසකැවිලි, විනෝදය සහ ක්‍රීඩා සහ තෑගි සමඟ නව ආරම්භයක උදාව සනිටුහන් කිරීමයි.

ආගමික වතාවත් ද අලුත් අවුරුද්දේ අනිවාර්ය අංගයක්.

මේ වසරේ ‘නැකත් සීට්ටුවට’ අනුව, හෙට පස්වරු 02:59 ට සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා.

ව්‍යාපාර සහ රැකියාවට අදාළ සියලු කටයුතු නතර වන ‘පුණ්‍ය කාලය’ හෙවත් ‘නොනගතය’ යෙදී ඇත්තේ හෙට පෙරවරු 08.35 සිට රාත්‍රී 09.23 දක්වා යි.

වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම සහ ආහාර අනුභවය සඳහා නැකත හෙට පස්වරු 05.05 ට යෙදී තිබෙනවා.

අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගෙන් අද උදෑසන කාලයේ ද කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළ පිරී පැවතුණා.

කෙසේ වෙතත් සෙසු නගර ආශ්‍රිතව ජනතාව ක්‍රමයෙන් අඩු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේද පිටකොටුව බස් නැවතුම්පළේ තිබූ මගී තදබදය අද පස්වරුව වන විට ක්‍රමයෙන් අඩු වී තිබුණා.

ප්‍රමාණවත් පරිදි බස් රථ තිබුණද ඒවායෙන් ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමට මගින් නොමැති තත්ත්වයක්ද දැකගත හැකි වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මගී අවශ්‍යතාවය මත අද රාත්‍රියේත් බස් රථ ධාවනය කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ.

ඔහු සඳහන් කළේ, ප්‍රවාහන සේවා නිසි පරිදි පවත්වාගෙන යාමට ලබන 18 වැනි දා දක්වා ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.

අලුත් අවුරුදු නිවාඩු සමයේ ආසන වෙන් කිරීමේ සේවාව ද අවලංගු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21 විපක්ෂ රැළියට අපිට ආරාධනා කළේ නෑ..මුන්ගේ තියෙන ආඩම්බරකම
02:27
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51


?