අලුත් අවුරුද්දට බන්ධනාගාරගත රැඳවියන් බලන්න විශේෂ අවස්ථාවක්

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් සලසාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ලබන 13 සහ 14 යන දෙදින තුළ එම විශේෂ අවස්ථාව ලබාදෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ දින දෙක තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙම අමුත්තන් පෙන්වීමේ කටයුතු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දිවයිනේ සියලුම බන්ධනාගාර තුළ සිදුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?