අලුත්ගම නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක අද (21) සවස ගින්නක් හටගෙන තිබෙනවා.
කුෂන් වැඩපොළක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් ව්‍යාපාරික ස්ථානයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1