අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධාකිරීම සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණ නියෝගයක් ක්රියාත්මක කිරීම සඳහා අලුත්ගම, මොරගල්ල ප්රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.
අදාළ අධිකරණ නියෝගය ක්රියාත්මක කිරීම සඳහා ප්රථමයෙන් අධිකරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම නිවසට ගොස් ඇති අතර, එහිදී රාජකාරියට බාධා කළ බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහායි ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් යළිත් එම නිවසට පැමිණ ඇත්තේ. එහිදී නිවසේ පදිංචිව සිටි පිරිස ආවේගශීලීව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබෙනවා.