අලි වැටකින් විදුලි සැර වැදී දෙදෙනෙක් මරුට

වාලච්චේන ඊච්චයිඅඩි ප්‍රදේශයේ අනවසරයෙන් කුඹුරු ඉඩමකට ඇද තිබු අලි වැටකින් විදුලි සැර වැදීමකින් ඊයේ (13)දින පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 21 සහ 51ක් වූ කුඩුම්බිමලේ සහ කෝරාවලී යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවට පොලිසිය සදහන් කරසිටී.

සිද්දිය සම්බන්ධයෙන් එම ඉඩමේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන වාලච්චේන පොලිසිය විසින් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !