අලි ඇතුන් රකින වැඩසටහනක් තබ්බෝව වැව පරිශ්‍රයේදී

පරිසර අමාත්‍යාංශය සහ “Clean Sri Lanka” වැඩසටහන එක්ව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළෙහි තවත් එක් කඩිනම් ව්‍යාපෘතියක්, පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව, තබ්බෝව වැව කේන්ද්‍ර කරගනිමින් අද (10) ආරම්භ වුණා.

මෙම වැඩසටහනේ ප්‍රධානතම කාර්යය වන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ගැටලුවක් වන අලි-මිනිස් ගැටුමට තිරසාර විසඳුමක් ලබා දීම බව රජයෙන් පවසනවා.

එම අරමුණ පෙරදැරිව, “අලි වැටෙන් ඔබ්බට ස්ථිරසාර විසඳුමක් කරා” යන තේමාව යටතේ ජාතික වැඩසටහනක් ලෙස මෙය දියත් කෙරෙනවා.

මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන කාර්ය ලෙස, අලින්ට හිතකර පරිසර පද්ධති නිර්මාණය කිරීම සහ අලි සුපෝෂණ කලාප ඇති කිරීම බවයි පැවසෙන්නේ.

එහි සමාරම්භක පියවර ලෙස, තබ්බෝව වැව් පරිශ්‍රය ආක්‍රමණය කර තිබූ ජපන් ජබර සහ කළපු අන්දර වැනි ආක්‍රමණශීලි ශාක ඉවත් කිරීම සිදු කෙරුණා.

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ තරුණයින්, පරිසර නියමු භටයන් සහ පාසල් සිසුසිසුවියන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම ශ්‍රමදාන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ, වනජීවී රක්ෂිත තුළ හායනය වූ වැව් පරිසර පද්ධති පුනරුත්ථාපනය කිරීමටත්, ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසටහනට සමගාමීව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තබ්බෝව වැවේ සීමාමායිම් සලකුණු කිරීම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්විල පාරිසරික උද්‍යානයේ පවතින ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සහ එම උද්‍යානයේදීම ප්‍රජා මූල සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමද සිදු වූවා.

මීට අමතරව, ඉදිරි දිනවලදී වනාතවිල්ලුව ප්‍රදේශයේ එලාරිස් වැව සහ අනාථ වැව අලුත්වැඩියා කිරීමටත්, කරුවලගස්වැව විදුලිවැට දෙපස ඇති කැලෑව ඉවත් කිරීමටත්, වනාතවිල්ලුව විදුලිවැට දිගේ ඇති මාර්ගය පිළිසකර කිරීමටත් නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15