අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (29) විවෘත කෙරුණා.
ඒ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන්.
අද දිනයේ විවෘත කළ මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතිනවා.
මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කෙරෙන අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේ දී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව පවතිනවා.
අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදිත ලුණු ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්ත වනවා.
අලිමංකඩ ලුණු ලේවාය 2001 වර්ෂයේදී ලුණු සමාගම යටතට පත් වුවත් පැවති යුද්ධය හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු සිදුකිරීමට හැකියාව ලැබුනේ නැහැ.
2024 වර්ෂයේදී ලුණු මේට්ට්‍රික් ටොන් 13,800ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අලිමංකඩ ලේවායේ 2025 වර්ෂය තුළ ලුණු මෙට්ට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙනවා.