අල්-කයිඩා නායකයා සිටින තැන හඳුණාගැනේ – ශ්‍රී ලංකාව ගැනත් අනාවරණයක්

අල්-කයිඩා ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා මේවන විට සිටින ස්ථානය පිළිබඳව අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

එහි වත්මන් නායකයා ලෙස හැඳින්වෙන අයිමාන් අල්-සවහිරි ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය අතර දේශ සීමාවෙහි පිහිටා ඇති කඳුකරයේ සිටින බවට යි පැවසෙන්නේ.

මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (04) නිකුත් කළ වාර්තාවක් මගින්.

අල්-කයිඩා නායකයා පමණක් නොව, එම සංවිධානයේ බොහෝ සන්නද්ධ පිරිස් මෙම කඳුකරයේ රැඳී සිටින බවයි අදාළ වාර්තාවෙහි දැක්වෙන්නේ.

එමෙන්ම තලේබාන් සංවිධානයට සම්බන්ධ සන්නද්ධ පිරිස් බොහොමයක් ද ඇෆ්ඝනිස්තානයේ විවිධ ප්‍රදේශවල සැඟව සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි දැක්වෙනවා.

අල්-කයිඩා සංවිධානයේ ඉහළ තළයේ සාමාජිකයින් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත පිරිස්වන අතර සාමාන්‍ය සාමාජිකයින්ගෙන් ඉන් බහුතරය ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්තාන සම්භවයක් සහිත අයවලුන් බව සඳහන්.

එහෙත් මේවන විට එම සංවිධානයේ පිරිස් අතර බංග්ලාදේශ, ඉන්දියානු සහ මියන්මාර ජාතිකයින් ද වර්ධනය වෙමින් පවතින බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අවධාරණය කරන්නේ කලාපීය සහ ජාත්‍යන්තර අරමුණු සහිත වූ ත්‍රස්තවාදීන්ගේ ක්ෂේමභූමියක් බවට ඇෆ්ඝනිස්තානය පත්වීම වැළැක්විය යුතු බවයි.

මේ අතර අදාළ වාර්තාව මගින් තවත් අනාවරණයක් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානයේ මධ්‍යම සහ දකුණු ආසියානු කලාපය මගින් ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, මධ්‍යම ආසියානු රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද ආවරණය වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?