අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (6) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරුට ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.
සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරියකු ,බන්ධනාගාරයේ සහකාර නිලධාරියකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීවරයෙකු ලෙස ව්‍යාජව හැඳුනුම්පත් සාදාගෙන පුද්ගලයන් රවටා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරු අධිකරණය මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු සහ බන්ධනාගාරයේ සහකාර නිලධාරීයකු බව හඟවන ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කර ඇති බවයි.
සිද්ධියට අදාලව මෙම සැකකරු සම්බන්ධයෙන් තවත් විමර්ශන සිදුකිරීමට පවතින බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.
පානදුර, ගොරක පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025,12.03 වන දින ප.ව.6.58 ට පමණ පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.














