අල්ලස් කොමිසමේ නිලධාරියෙක් ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සැකසූ සැකකරුට ඇප

අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලේඛන සකස් කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (6) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුට ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළා.

සැකකරු අල්ලස් කොමිසමේ නිලධාරියකු ,බන්ධනාගාරයේ සහකාර නිලධාරියකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීවරයෙකු ලෙස ව්‍යාජව හැඳුනුම්පත් සාදාගෙන පුද්ගලයන් රවටා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරු අධිකරණය මෙලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු සහ බන්ධනාගාරයේ සහකාර නිලධාරීයකු බව හඟවන ලෙස ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කර ඇති බවයි.

සිද්ධියට අදාලව මෙම සැකකරු සම්බන්ධයෙන් තවත් විමර්ශන සිදුකිරීමට පවතින බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරු 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ 124 වගන්තිය උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූවා.

පානදුර, ගොරක පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025,12.03 වන දින ප.ව.6.58 ට පමණ පානදුර නගරයේ බස් නැවතුම්පල ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01