අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් නිශාන්ත වික්‍රමසිංහ බන්ධනාගාර ගත කෙරේ (වීඩියෝ)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ එළඹෙන ජුලි මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර හිටපු සභාපතිවරයා අද (27) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදුකරගෙනු යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව ඔහුව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

2014.01.22 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට අමෙරිකානු ඩොලර් 4,512ක් පාඩු කිරීම,

2014.01.26 වැනි දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටත්ව යාමට සිටි මගීන් 75 දෙනෙකු UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් අමෙරිකානු ඩොලර් 19,160ක් රජයට පාඩු කිරීම,

2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවැති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000 වියදම් කිරීම යන චෝදනා ත්‍රිත්වය ඔහුට එල්ල වී තිබෙනවා.

නිශාන්ත වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50