අල්ලස් ඉල්ලූ කලාකරුවා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රුපියල් 30,000 බැගින් වූ මුදලක් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කලාකරුවකු වන විනෝද් තරංග යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (24) දින සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මතුගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිනියක සහ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන්හමුදා නිලධාරියෙකු විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු විදුහල්පතිනිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පවතින විමර්ශනයකට අදාළව එම විමර්ශනය සිදු නොකරන බව දන්වා ලිපියක් ලබාදීමට සහ එම විමර්ශනයට අදාළ ගොනුව ඇය වෙත ලබාදෙන බව පවසා රුපියල් 30,000ක මුදල ඉල්ලා තිබෙනවා.

මීට අමතරව ගුවන් හමුදා නිලධාරියා සම්බන්ධව ද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පවතින විමර්ශනයට අදාළව ඔහුව අත්අඩංගුවට නොගෙන සිටීමට සහ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලබාදෙන බව පවසා සැකකරු ඔහුගෙන් ද රුපියල් 30,000ක මුදලක් ඉල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14