අරවින්ද සමඟ ඉන්දියානුවන් දෙදෙනෙක් ICC සදාතනික විශිෂ්ටයින් අතරට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පිරිනමන හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා.

1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ශතකය ඇතුළු ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැක්වූ දක්ෂතා මත පදනම්ව අරවින්ද ද සිල්වා මෙලෙස හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමය ලබාදෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා සිටින්නේ.

19 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබාදුන් අරවින්ද සැළකෙන්නේ මෙරට ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසටයි.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන විරේන්ද්‍ර ෂෙවාග් හට ද හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමය පුද කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු දැක්වූ දායකත්වය සහ ජගත් ක්‍රිකට් පිටිය තුළ ඔහු තැබූ වාර්තා සහ දැක්වූ ක්‍රීඩා විලාශය පදනම් කර ගනිමින් ෂෙවාග්ට හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමය මෙලෙස ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අරවින්ද සහ විරේන්ද්‍ර ෂෙවාග්ට අමතරව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජි ද අයි.සී.සී. හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඩයනා එඩුල්ජි ක්‍රීඩා කරන කාලයේ දී ඉන්දියාවේ නායිකාව ලෙස කටයුතු කළ ආකාරය මෙන්ම ඇය පශ්චාත් වෘත්තීය පරිපාලකවරියක ලෙස ද විශාල සේවාවක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකර තිබීම මත මෙම ගෞරව නාමය පිරිනමන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම ගෞරව නාමය වන්නේ මෙම ගෞරව නාමයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31