අරගලයට වතුර ගේන මුවාවෙන් පැමිණි කුලී හේවායන්

ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කරන්නට පැමිණි ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් කොටු කර ගැනීමට විරෝධතාකරුවන් සමත්ව තිබෙනවා.

ඔවුන් මුලින් ම පැමිණ ඇත්තේ විරෝධතාකරුවන්ට වතුර බෝතල් රැගෙන ආ පිරිසක් ලෙස ය. ඉන්පසු කණ්ඩායමක් වශයෙන් සටන් පාඨ කියමින් අරගලකරුවන් අතර ම රැඳී සිට තිබේ.

ඉන්පසු ඔවුන් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වුණු වැඩසටහනකට බාධා කරන්නට පටන් ගෙන ඇත. එම වැඩසටහන කඩාකප්පල් වන සේ හැසිරෙන්නට පටන් ගෙන ඇත. ඉන්පසු එතැන සිටි විරෝධතාකරුවන් ඔවුන් වටකොට ඔවුන් ගේ හැඳුනුම්පත් ඉල්ලා තිබේ. හැඳුනුම්පත් පෙන්වා තමන් ගේ අනන්‍යතාව තහවුරු කරන්නට ඔවුන් අපොහොසත් වී ඇත.

එයිනුත් පසුව හෙළි වී ඇත්තේ ඔවුන් ජනාධිපති කාර්‍යාලයට සම්බන්ධව වැඩ කරන පොහොට්ටුවේ කුලීකරුවන් පිරිසක් බව ය. කෙසේ වුවද පොලීසියේ මැදිහත්වීම යටතේ පසුව මේ පිරිස එම ස්ථානයෙන් ඉවත් කොට තිබේ.

image 67
මේ සම්බන්ධව මාධ්‍යවේදි රසික ජයකොඩි මුහුනුපොතේ සටහනක් ද යොදා තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?