AFC Banner
Empty Ad
Empty Ad

අරගලයට පැමිණි පොලිස් නිලධාරියාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

සිය නිල ඇදුමින් සැරසී ඊයේ (14) “ගෝඨාගෝගම” යනුවෙන් විරෝධතාකරුවන් නම්කර ඇති ගාලුමුවදොර අරගලයට සහාය පළ කරමින් අදහස් දැක්වූ අමරදාස නම් පොලිස් සැරයන්වරයාව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද දිනයේදී ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

අද අධිකරණයේ නිවාඩු දිනයක් වුවද එය නොතකා ඔහු වෙනුවෙන් නීතිඥයින් රැසක් ඉදිරිපත්වී සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී, පොලිස් සැරයන්වරයාට ඇප නියම කළ අධිකරණය නඩුව යළි එළඹෙන 29 වනදා කැඳවීමට නියම කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා ගැන ඉදිරි විමර්ශන ක්‍රියාක්මක බවයි. විමර්ශනවල ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?