මෙරට හැමෝම ගතකරන්නේ අසිරු කාලයක්.රට පුරා වත්මන් පාලනයට එරෙහිව අරගල කරද්දී හෙට දිනයේත් අරගල සංවිධානය වනවා.ඒ අරගල වලට කිසිදු දේශපාලඥයෙකුගෙ සහයක් නොමැතිවයි. ඉතිං මේ අරගල සිදුකරන්නේ සියලු ලාංකිකයන් උදෙසා. මෙරට සිටින ජනතාව පමණක් නොව විදෙස් රටවල සිටින ලාංකිකයන්ද මෙම අරගල වලට සහයෝගය දක්වන්නේ හුදෙක් ලාංකිය හැගීම ඇති නිසාවෙනි.එලෙස හෙට පැවැත්වෙන අරගලයකට සහයෝග දක්වන යුවලක් ගැන මුහුණු පොතෙන් තොරතුරු දැන ගැනිමට ලැබුණා. හෙට අරගලයට සහභාගිවන ජනතාව වෙනුවෙන් ඔවුන්ට බිස්කට් ලබා දිමට ඕස්ට්‍රේලියාවේ සිටින් ලාංකික යුවලක් කටයුතු කර තිබෙනවා.
අරගලයට ජය වේවා !!!
හැමෝම පුලුපුලුවන් විදිහට සහය දෙන්න
මේ රෑ අපි දෙන්නා මේ Food City යක් ගානෙ ගිහින් මේ බිස්කට් තොගය එකතු කරන්නෙ අද හවස ආපු දුරකතන ඇමතුමක් නිසයි. ඒ ආසිරි මල්ලිගෙනුයි ඇනු නංගිගෙනුයි. හැබැයි ඒ දෙන්නා ඉන්නේ ඕස්ට්‍රේලියාවෙ.
හෙට ඇරබෙන දැවැන්ත උද්ඝෝෂණයට සහය පලකරමින් ඔවුන් දෙපල මුදල් එව්වා ඒ උද්ඝෝෂණයට එන දහසක් දෙනෙකුගෙ හරි කුස ගින්නට පොඩි සහනයක් ලබා දෙන්න.
ඔබලා දුර ඈත ඕස්ට්‍රේලියාවෙ හිටියත් හදවතින් ලාංකිකයි. ඒ ගැම්මට අපිත් ගදවතින් ආදරෙයි.












