AFC Banner
Empty Ad
Empty Ad

අරංගල කඳු තරණයට ගිය තරුණයා දින 03 කට පසු සොයා ගැනේ (ඡායාරූප)

මාතලේ – නාවුල – අරංගල කඳු පන්තිය තරණය කිරීමට ගොස් දින 3ක සිට අතුරුදන්ව සිටි සරසවි සිසුවා ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලීසිය, දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සිසුවා සොයාගත් බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය 4 වනදා නාඋල – අරංගල  පර්වතය තරණය කිරීම සඳහා පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් සිසුවා පිළිබඳව දෙමාපියන් පේරාදෙණිය පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ අරංගල පර්වතය තරණය කිරීම සඳහා තරුණයෙකු විශාල බෑගයක්ද සහිතව ගමන් කළ බවට කාන්තාවක් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

ඉන් අනතුරුවයි පොලීසිය ඒ පිළිබඳව විමර්ශනය කොට සිසුවා සොයාගනු ලැබුවේ.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

තරුණයා සොයා නාවුල පොලිසිය සහ දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ උදෑසන 8.30 ට පමණ අරංගල පර්වතය තරණය කිරීම ආරම්භ කළා.

පැය 3ක පමණ මෙහෙයුමකින් පසු අරංගල කඳු පංතියේ තුන්වන කන්දේ බෑවුම් ප්‍රදේශයකදී තරුණයා සොයාගත් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහයෙන් ඔහු කඳු පාමුලට රැගෙන විත්  තිබෙනවා.

මීටර් 782ක උසින් යුත් අරංගල කන්ද තරණය කිරීම පහසු කාර්යයක් නොවන අතර මෙම සරසවි සිසුවා කන්දට නැග ඇත්තේ කුමන අරමුණකින් ද යන්න පිළිබඳ නාවුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

261866 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?