අයිස් එක්ක හාමුදුරුවෝ දෙනමක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ස්වාමීන් වහන්සේලා දෙනමක් මහනුවර අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ගෙලිඔය, පිටවලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක දී මෙම හිමිවරුන් දෙදෙනා පෙරේදා (15) අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

25 හැවිරිදි වියේ පසුවන ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඊයේ (16) ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම රජයේ ගාස්තුවකට යටත්ව නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
37
+1
75
+1
12
+1
25
+1
11
+1
16
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?