අයිස් එක්ක හාමුදුරුවෝ දෙනමක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ස්වාමීන් වහන්සේලා දෙනමක් මහනුවර අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත ගෙලිඔය, පිටවලවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක දී මෙම හිමිවරුන් දෙදෙනා පෙරේදා (15) අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

25 හැවිරිදි වියේ පසුවන ස්වාමීන් වහන්සේලා දෙනමක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඊයේ (16) ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකාර ස්වාමීන් වහන්සේලා දෙනම රජයේ ගාස්තුවකට යටත්ව නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

  1. සම්මත වශයෙන් සිව්රු පෙරෙවි වට බුදු දහම ශ්‍රවණයට ඉඩ නොලැබීම තමයි හේතුව. අපේ රටේ ගෝතම බුදුන් ගේ දහම යටපත් කර බුරුමය ඇතුළු පිටරට වලින් නිකායවල් ගෙනත්ලා දහම යට කර ්න ලද දේවල්වල ප්‍රතිඵල. නමුත් නිර්මල බුදු දහම දේශනා කරන උතුමන් වහන්සේලාට දහම විකෘති කරනවා යැයි කියා පෙළපාළියන් නේද මේ විකෘතිය කරපින්නාගෙන යන අයයි. ට්‍රයි නිකායික මහානායක ත්‍රිපිටකාචාර ත්‍රිපිටක වාගේ ස්වර බුද්ධ දහම පිළිබඳව ආචාර්ය මහාචාර්ය කුලපති උපකුලපතියා දී බුදුහිමියන්ටත් නොතිබූ පට්ටම් තානාන්තර හදාගෙන හිටියත් ම සිතට නැගෙන රාග ද්වේශ මෝහ ප්‍රහාණය කරන්න නොදන්නා අය අසෘතවත් පෘතග්ජනයන්ය සිවුරු නොදැම්මක් ාන්තාවක් හෝ පිරිමියෙක් තම සිතට නැගෙන රාග ද්වේශ මෝහ ප්‍රහාණය කරන්නේ නම් ඔහු අරිය උත්තමයෙකි.

    • නරක වයස් වල ඉන්න වැඩි දෙනෙකු ම දහමේ නො පැවතීම යි, සුලබ ! දෙසන දහම ත් හරි එක ක් වන්ට එපායෑ !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29