අයියා මල්ලී මාරුවී සිදුවූ බහින් බස් වීමකින් අයියා අවසන් ගමන් යයි

එකම හැඩරුවෙන් යුත් සහෝදරයන් දෙදෙනා මාරුවීමෙන් සිදුවූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරුව අයියාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බස් රථ වල සින්දු කියන්නෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි මංජුල වසන්ත පුෂ්පකුමාර (51) යන අයයි.

මීට සතියකට පමණ ඉහත දී සැකකරු විසින් ඔහුට අයත් කැසට් යන්ත්‍රයක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මල්ලිට උකස්කර රුපියල් පන්සීයක් ලබාගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර පුද්ගලයා එය බේරා ගැනීම සඳහා ඊයේ (22දා) පැමිණි අවස්ථාවේදී එකම හැඩරුවින් යුත් අයියා පමණක් නිවසේ සිට ඇති අතර ඒ පිළිබඳව නොදැන සිටී සැකකරු සිය උකස් තබන ලද කැසට් යන්ත්‍රය ලබාදෙන ලෙස පවසා රුපියල් 500 එම පුද්ගලයා වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී මරණකරු විසින් මොන කැසට් යන්ත්‍රය ද බං යයි පවසා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු හා මරණකරු අතර බහින් බස්වීම දුරදිග යාමෙන් අනතුරුව සැකකාර සින්දු කියන්නා විසින් සඟවාගෙන සිටි තියුණු ආයුධයෙන් මරණකරුගේ පිට ප්‍රදේශයට ඇන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විට ඔවුන් මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබූ විශේෂ පොලිස් කණ්ඩායම විසින් සැකකරු බස් රථයක සින්දු කියමින් සිට යාබද බස් රථයට ගොඩවීමට යාමේදී අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලිසිය කියයි.

ඒ වන විටත් සැකකරු ඔහු පිහියෙන් අනින ලද පුද්ගලයා කැසට් යන්ත්‍රය උකස් ලබාගත් පුද්ගලයා නොවන බවත් හෝ ඔහු මිය ගිය බවක් නොදැන සිටි බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?