අයින් වෙලා පයින් ගිය අයෙක්ට මරු කැඳවූ අනතුර

ඊයේ (23) රාත්‍රී කාලයේ දොඹගහවෙල පොලිස් වසමේ ගලබැද්ද ප්‍රදේශයේදී මොණරාගල දෙස සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වන දොඹගහවෙල, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දොඹගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?