අයහපත් කාලගුණය මැද මුහුදු ගිය ධීවර බෝට්ටුවක් අනතුරට ලක්වෙයි

බලපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී අනතුරට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවෙගොඩ පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය තුළ මුහුදුයාම පිළිබඳව අවවාදානම් නිවේදන නිකුත් කර තිබිය දී මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

මේ වනවිටත් ධීවර යාත්‍රාව අනතුරට ලක්වූ මුහුදු ප්‍රදේශය නිරීක්ෂණය සඳහා හෙළිකොප්ටර් යානයක් පිටත්කර යවා ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?