අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සලසන්න යුද හමුදාවෙන් අමතර භට පිරිස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුරෙන් විපතට පත් වී සිටින ජනතාව මුදාගැනීම සඳහා යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද හමුදාපතිවරයා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇති බව සඳහන්.

මල්වාන- යුද හමුදා කණ්ඩායමක් (බෝටුවවක් සමඟ)
කටුගොඩ- යුද හමුදා කණ්ඩායමක්
වටරැක- යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමඟ)
සිතාවක- යුද හමුදා කණ්ඩායමක්
මීතොටමුල්ල- යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමඟ)
කොලොන්නාව- යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)
නවගමුව- යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)
පැලවත්ත- යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
යටදොලවත්ත- යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)

මීට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයක දි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනි කෝන් රථ 34ක්‍, බෝට්ටු 56 ක් සමග 6,500 පමණ භට පිරිසක් සුදානම් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?