අයහපත් කාලගුණයෙන් විපතට පත්වූවන්ට සහන සලසන්න යුද හමුදාවෙන් අමතර භට පිරිස්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුරෙන් විපතට පත් වී සිටින ජනතාව මුදාගැනීම සඳහා යුද හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

එම සහන සේවා කටයුතු තව දුරටත් පුළුල් කරමින් වැඩි භට පිරිස් ප්‍රමාණයක් යෙදවීමට යුද හමුදාපතිවරයා විසින් 1 බලකායේ බලකාධිපති හා සියලුම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පහත සඳහන් ස්ථානයන් වෙත සහනසේවා කටයුතු සඳහා අද (14) දින භටපිරිස් යොදවා ඇති බව සඳහන්.

මල්වාන- යුද හමුදා කණ්ඩායමක් (බෝටුවවක් සමඟ)
කටුගොඩ- යුද හමුදා කණ්ඩායමක්
වටරැක- යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටුවක් සමඟ)
සිතාවක- යුද හමුදා කණ්ඩායමක්
මීතොටමුල්ල- යුද හමුදා කණ්ඩායම් දෙකක් (යුනි බෆල් රථ හතරක් සමඟ)
කොලොන්නාව- යුද හමුදා කණ්ඩායමක් (අයන්හෝස් දෙකක් සමග)
නවගමුව- යුද හමුදා කණ්ඩායමක් (බෝට්ටු දෙකක් සමග)
පැලවත්ත- යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)
යටදොලවත්ත- යුද හමුදා කණ්ඩායමක් (යුනි බෆල් රථයක් සමග)

මීට අමතරව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇති විය හැකි හදිසි අපදා තත්ත්වයක දි යෙදවිම සඳහා WMZ රථ 23ක්, යුනි බෆල් රථ හා යුනි කෝන් රථ 34ක්‍, බෝට්ටු 56 ක් සමග 6,500 පමණ භට පිරිසක් සුදානම් කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51