අයවැය යෝජනා 2026

🔴 අයවැය යෝජනා හරහා අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තුවල සිදු වන සංශෝධනයන් හේතුවෙන් 2025-09-26 දින මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන පනතේ ණය ගැනීමේ සීමාව, රුපියල් බිලියන 3,740ක් දක්වා රුපියල් බිලියන 60 කින් අඩු කර සංශෝධනය විය යුතු වනවා.

🔴 සුදුසු ස්ථානයක් තෝරාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයක ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 2000ක්.

🔴 2026 ජනවාරියේ සිට නවීන බදු විගණන රාමුවක් ඇති කරනවා.

🔴 රජයේ ආදායම මත අවම බලපෑමක් සහිතව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීම සඳහා කාල රාමුවකට අනුව සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කිරීමට යෝජනාවක්.

🔴 දැනට කියාත්මක වන 0%, 15%, 20% වන තීරු බදු අනුපාත, 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තීරු බදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස ජාතික තීරු බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යෝජනවා.

🔴 වාහන අලෙවියේ දී සමාජ ආරක්ෂණ බද්ද අලෙවි කරන අවස්ථාව සඳහා ඉවත් කිරීමට යෝජනා කරනවා.

🔴 ආනයනික රෙදි මත වන සෙස් බද්ද ඉවත් කිරීමටත් ඒ වෙනුවට එකතු කළ අගය මත බද්ද පැනවීමටත් යෝජනා කරනවා. මෙම යෝජනාව 2026 වසරේ අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

🔴 එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම සීමාව 2026 වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට යෝජනා.

🔴 ආනයනික පොල්තෙල් සහ ෆාම් තෙල් මත අය වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර ඒ වෙනුවට වැට් ඇතුළු සාමාන්‍ය බදු ව්‍යුහයක් ඇති කරනවා. මෙම යෝජනාව 2026 අප්‍රේල් සිට ක්‍රියාත්මක කරනවා.

🔴 2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ 03 ඉහළ ගොස් තිබෙනවා.

🔴 සුදුසුකම් සපුරා ඇති මාස 06 කට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරනවා.

🔴 දුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා ඉහළ දමනවා.

🔴 දුෂ්කර පාසල්වල ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව රුපියල් 1500කින් ඉහළ දමනවා, විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරනවා.

🔴 රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන 10000ක්.

🔴 අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල වැඩි කිරීමට යෝජනාවක්.

🔴 රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් මිලියන 05 දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්.

🔴 රජයේ සේවකයින්ට ලබෙදෙන උත්සව අත්තිකාරම රුපියල් 15000 දක්වා වැඩි කෙරේ.

🔴 රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක් වෙන්කරනවා.

🔴 2026 ජනවාරි මාසයේ වැටුපේ සිට රාජ්‍ය අංශයට එම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.

2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනවා.

🔴 රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්.

🔴 ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට සියයට 15 ක් පමණ අමතර පොලියක් ලබා දී තිබුණ ද 2022 හා 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල පියවා දමනවා. නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000 ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 45,700 ක හිඟ මුදල ද මෙම වසරේ දීම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කරනවා.

🔴 රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යළි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.

🔴 රජයේ ආයතන වල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වලට අමතරව තවත් රුපියල් මිලියන 1,000ක් වෙන් කිරීමට යෝජනා.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වා ගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වෙනවා. එසේම, මින් ඉදිරියට රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම්, උසස් කිරීම් ඇතුළු කාර්යයන් දේශපාලන මැදිහත්වීම් වලින් පරිබාහිරව නියමිත විභාග සහ සේවා ව්‍යවස්ථා අනුව පමණක් සිදු කිරීම මඟින් තරුණ තරුණියන්ට සමාන අවස්ථා ලබා දෙනවා.

🔴 රාජ්‍ය සේවයට 75,000 කට ආසන්න පිරිසක් නිසි ක්‍රම වේදයක් යටතේ බඳවා ගැනීමට අනුමැතිය.

🔴 ළමා රැඳවුම් නිවාස වල සිට සමාජගත වූ දරුවන්ට නිවසක් ඉදිකර ගැනීම සඳහා මිලියන 02 ප්‍රතිපාදන.

🔴 වර්තමානයට අවශ්‍ය නොවන ආයතන 13ක් ඈවර කරනවා.

🔴 වාණිජ නොවන සහ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන වසා දමනවා.

🔴 උතුරු නැගෙනහිර නිවාස 2500ක් ඉදිකිරීමට අයවැයෙන් රුපියල් මිලියන 5000ක්.

🔴 නාය යාමය අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක්.

🔴 වතු කම්කරුවන් සඳහා නිවාස දෙදාහක් ඉදිකිරීමට රුපියල් මිලියන 4290ක්.

🔴නාගරික වතු ජනතාවගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන 15000ක්

🔴 සෑම පුද්ගලයකුටම ආරක්ෂිත නිවසක්. සෑම අයෙකුටම නිවසක් ලබාදීමේ ප්‍රවේශය යටතේ නව නිවාස 27000ක්. අඩු ආදායම්ලාභී නිවාස 70000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ නිවාස 1000ක් ඉදි කිරීම සඳහා තවත් මිලියන 3000ක්.

🔴 සුරතල් සතුන් භුමදානය කිරීම, ආදාහනය කිරීම සහ වීදි සතුන් රැක බලා ගැනීම සඳහා සේවා සැපයීම දිරිමත් කිරීමේ අරමුණින්, කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනයන් හි නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 100ක්.

🔴 පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම, පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය වැඩසටහනේ සඳහා රුපියල් මිලියන 2,500 ක් වෙන් කර තිබෙනවා.

🔴 ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.

🔴 රත්නපුර පැරණි නගරයේ පිහිටා ඇති රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට නැවත ස්ථානගත කිරීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500 ක්.

🔴 හැටන් නගරයේ අධික තදබදයට සුදුසු පිළියම් ලබාදීම සඳහා කෙටිකාලීන කඩිනම් විසඳුමක් ලබා දීමටත් යෝජනා කරනවා. මේ සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක්.

🔴 මාතලේ නගරයට පිවිසීමේ දී දැනට තිබෙන තදබදය අඩු කිරීම සඳහා මං තීරු ප්‍රමාණය මං තීරු 4 දක්වා පුළුල් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම හා නගර සැලැස්ම සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා.

🔴 යාපනය, ඇහැලියගොඩ, මඩකලපුව, හලාවත, මාතර, ඇතුළු දිවයින පුරා හඳුනාගත් නගර 10ක සංවර්ධන ව්‍යාපෘති සඳහා ඒ සඳහා රුපියල් මිලියන 2,000 ක් සූදානම් කර ඇති අතර එය අවශ්‍යතාව හා ප්‍රගතිය අනුව මුදාහැරීමට කටයුතු කරනවා.

🔴 කොළඹ වරායේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ මෙහෙයුම් කාර්යක් ෂමතාව ඉහළ නැංවීමට ඉදිරි වසරේ දී අපේක්ෂා කරනවා.

🔴 කෙරවලපිටිය රේගු සත්‍යාපන මධ්‍යස්ථානය සහ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙළඳ පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවනවා.

🔴 ශ්‍රී ලංකාවේ වරායන් කලාපයේ ප්‍රමුඛ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, බාධාවකින් තොරව සහ කාර්යක්ෂම වරාය මෙහෙයුම් සහතික කිරීම සඳහා වරාය ප්‍රජා පද්ධතිය (Port Community System), ඒකාබද්ධ දත්ත කළමනා කරණ පද්ධතිය ලෙස ක්‍රියාත්මක කිරීම ඇතුළුව වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩි දියුණු කරනවා.

🔴 29.2 ගුවන්තොටුපළ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය (ගුවන් භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය) අතර මඟ නවතා දමා තිබූ ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර 2026 වසරේ මුලදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් ජපානයේ, ජයිකා ආයතනය මූල්‍ය පහසුකම් ලබා දීමට එකඟතාව පල කර තිබෙනවා.

🔴 රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් මෙම ඌන උපයෝජිත ගොඩනැඟිලි හෝ ඉදිකිරීම් වැඩි දියුණු කර ආදායම් ඉපයිය හැකි ව්‍යාපෘති වන හෝටල්, ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්තශාලා හෝ වෙනත් කාර්යයන් සඳහා යෙදවීම පිළිබඳ අධ්‍යයනය කර ඒ අනුව මෙම සම්පත් ඵලදායි ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරනවා. නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අධික වැය බරක් දරා ඉදිකර ඇති මෙම ඉදිකිරීම වර්තමානයේ විනාශ වී යාමට නොදී ප්‍රශස්ත ලෙස භාවිතයට ගැනීම තුළින් මෙම ආයෝජන සඳහා වටිනාකමක් ලබා දීමට කටයුතු කරනවා.

🔴 බලශක්ති පරිවර්තන පනත ලබන වසරේ ගෙන ඒමට කටයුතු කරනවා.

🔴 ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කර ඇති 2025 – 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාවය සියයට 60 කින් පමණ වැඩි වනු ඇති බව ගණන් බලා තිබෙනවා.

🔴මාර්ග ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා.

🔴 සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 330ක් වෙන් කරනවා.

🔴 රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්.

🔴 කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් මිලියන 1000ක්.

🔴 මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන් කරනවා.

🔴 පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනවා.

🔴 මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්.

🔴 මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක් වෙන්කරනවා.

🔴 පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන.

🔴 දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල 05ක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300ක්.

🔴 කාර්යක්ෂම ගමනාන්තයක් වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 67200ක්.

🔴 දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්.

🔴 මාතර නිල්වලා ලවන බාධකයේ ගැටලු විසඳීමට රුපියල් මිලියන 1000ක්.

🔴 ගංවතුර තර්ජනයට කෙටි කාලීන විසඳුම් සෙවීමට රුපියල් මිලියන 250ක්. ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්.

🔴 කුඩා වැව්, ඇළ මාර්ග සහ එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම හා පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 8,350ක්, ඒ යටතේ වැව් 650 ක් සහ ඇළ මාර්ග කිලෝමීටර් 350 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කරනවා.

🔴 සේනානායක සමුද්‍රයේ සොරොව්ව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම ඇතුළුව, ගල්ඔය, රාජාංගනය, හුරුළු වැව, මින්නේරිය වැව ඇතුළු අනෙකුත් ඇල වේලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 6,500ක්.

🔴 පහළ මල්වතු ඔය බහුකාර්‌ය සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා රුපියල් මිලියන 5,000ක්.

🔴 මුන්දෙනි ආරු ව්‍යාපෘතියේ මුලික වැඩ කටයුතු ආරම්භ කරමින් ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කිරීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන.

🔴 වාරිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රුපියල් මිලියන 91,700ක්.

🔴 චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක් වෙන්කිරීමට යෝජනවා.

🔴 පසු අස්වනු හානි අවම කිරීමට මිලියන 500යක්.

🔴 ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක් වෙන් කරනවා.

🔴 වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.

🔴 ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.

🔴 අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 2500ක්.

🔴 උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600ක්.

🔴 මිල්කො (ප්‍රයිවට්) ලිමිටඩ් හි බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට රුපියල් මිලියන 3,000 ක්. මෙහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කර, දැනට නාරාහේන්පිට ඇති කිරි කර්මාන්ත ශාලාව මෙම ස්ථානයට ගෙන යාමට යෝජනාවක්.

🔴 උසස් ආරයේ කිරි ගවයින් සහ සුකර ප්‍රභේද කිහිපයකට අයත් අභිජනන ඒකක වැඩි දියුණු කිරීමට හා පෝෂ්‍යය තෘණ වගා කිරීමට රුපියල් මිලියන 1,000ක්.

🔴 දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන ” සුළු හා මධ්‍ය පරිමාණ පශු සම්පත් සංවර්ධන වැඩසටහන ” යටතේ වෙන් කිරීමට යෝජනාවක්.

🔴 2030 වසර වන විට දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් සපුරාලීමේ ඉලක්කය වෙත ළඟා වීම සඳහා කිරි නිෂ්පාදන ජාතික වැඩසටහන සැලසුම් කර තිබෙනවා.

🔴 මාතලේ, මහනුවර හා වියලි කලාපයේ ශක්‍යතාවයක් සහිත ප්‍රදේශයන්හි කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරනවා. ඒ වෙනුවෙන්, හඳුනාගත් වාරිමාර්ග ක්‍රම 400 ක් සඳහා රුපියල් මිලියන 4,000 ක් මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ ලබා දීමට යෝජනා කරන අතර, ඉන් වාරිමාර්ග ක්‍රම 100 ක් 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

🔴 දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාවට සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක්

🔴 ලොකු ළූනු, අර්තාපල් සහ බඩ ඉරිඟු ඇතුළු ආහාර භෝග නිෂ්පාදනවල මිල උච්චාවචනය අවම කර ගැනීම සඳහා සතොස මඟින් සපයන සේවාවට අදාළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට හා ගබඩා කරණයේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1,000 ක්.

🔴 වී සඳහා සහතික මිල තීරණය කිරීමේ දී හොඳින් වියළුණු වී සඳහා ඉහළ මිලක් ලබා දෙන බැවින් නවීන තාක්ෂණය සහිත වී වියලුම් යන්ත්‍ර අදාළ ගොවි සමාගම් හෝ සමුපකාර සමිති වෙත ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. යෝජිත මෙම ව්‍යාපෘතිය ” නිෂ්පාදන සමූපකාර සමිති ගොඩ නැඟීම සහ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය ” වැඩසටහන යටතේ වෙන් කර
ඇති ප්‍රතිපාදන තුළ කළමනා කරණය කර ගැනීමට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් රුපියල් මිලියන 500 ක් ලබා දීමට යෝජනා කරනවා.

🔴 ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැළසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත, ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරඟ, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 4,000 කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163 ක් වෙන්කරනවා.

🔴 ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225 ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150 ක්, ඒ සමඟම උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150ක්.

🔴 ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මඟින් අපේ ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා.ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800ක්.

🔴 නවීන තාක්ෂණයට සමගාමීව ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන දියුණුවට ගැලපෙන ලෙස ජනමාධ්‍ය කරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රුපියල් මිලියන 100 ක්.

🔴 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහීනිය යන ආයතන වල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය මූලධන වියදම් සඳහා රජයේ සහය ලබා දීමට කටයුතු කරනවා.

🔴 සංස්කෘතීන් පොහොසත් කිරීමේ ක්ෂේත්‍රයක් ලෙස නාට්‍ය හා රංග කලාව හා සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 50ක්.

🔴 වන අලින්ගේ ජල මූලාශ්‍ර තහවුරු කිරීම සඳහා රුපියල් මිලියන 80ක ප්‍රතිපාදනයක්.

🔴 සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000 වන ජීවී දෙපාර්තමේන්තුවට ස්ථිර පදනමින් අනියුක්ත කරනවා

🔴 විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කරනවා.

🔴 විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් සහනදායි පොළියට නිවස ණය යෝජනාවක් හඳුන්වා දෙනවා.

🔴 කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීම වෙනුවන් රුපියල් මිලියන 200ක් වෙන් කරනවා.

🔴 2026 ජනවාරියේ සිට වතුකම්කරුවන්ට දිනක වැටුප 1550 දක්වා වැඩි කිරීමට යෝජනාවක්, ඊට අමතරව පැමිණීමේ දීමනාව ලෙස දිනකට රජයෙන් රුපියල් 200 මුදලක් ලබාදෙනවා.

🔴 ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක් වෙන්කරනවා.

🔴 පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන 10ක්.

🔴 දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනයට රුපියල් මිලියන 1000ක්, වසර තුනක් තුළ වැඩ අවසන් කරනවා.

🔴 අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් 10000ක මාසික දීමනාවක්.

🔴 ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ඉදිකිරිමට රුපියල් මිලියන 1500ක් වෙන්කරනවා.

🔴 මූලික රෝහල් 82 වසර පහකින් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 31000ක් වෙන්කරනවා.

🔴 රට පුරා රෝහල් පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව වසර 05ක් ඇතුළත රෝහල් නවීකරණය කරනවා.

🔴 රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දියුණු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 8000ක්.

🔴 සරසවි සිසුන්ට නෙවසිකාගාර පහසුකම් සැපයීමට අවට ප්‍රජාවගේ ගොඩනැඟිලි ලබාගැනීම කරෙහි අවදානය යොමුකරනවා.

🔴 අඩු ආදායම් ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට මසකට රුපියල් පන්දහසක දීමනාවක්.

🔴 මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා. ඒ අනුව මහපොළ දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.

🔴 සරසවි සිසුන්ගේ පොදු පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 2500ක ප්‍රතිපාදන.

🔴 අඩු අදායම් ලාභී අබාධිත දරුවන් සඳහා මාසයකට රුපියල් 5000ක දීමනාවක්.

🔴 වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන එකොළොස්දාහක් වෙන් කරනවා.

🔴 ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන්ගේ කටයුතු සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරිම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්.

🔴 රජයේ සේවය සඳහා 3% ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට කටයටුතු කරනවා.

🔴 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක් වෙන්කරනවා.

🔴 මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.

🔴 අග්නි ආයෝජන ප්‍රවර්ධන අරමුදලක් “අග්නි අරමුදල” පිහිටුවීමට කටයුතු කරනවා. ඒ සඳහා රජයෙන් රුපියල් මිලියන 2500ක්

🔴 අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත් ලබා දෙනවා.

🔴 ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර 05ක බදු සහන.

🔴 QR කේත වලින් රුපියල් 5000ට අඩු ගනුදෙනු වලට සේවා වියදම් අහෝසි කරනවා.

🔴 රාජ්‍ය ආයතනවලට සිදුකරන ඩිජිටල් ගෙවීම්වල දී සේවා ගාස්තු ඉවත් කිරීමට කටයුතු කරනවා.

🔴 මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා.

🔴 2026 වසරේ මාර්තුවේ තුන්වන කාර්තුවේ දී පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරනවා.

🔴 ඩිජිටල් ආර්ථිකය නැංවීම සඳහා ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට කටයුතු කරනවා.

🔴 රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ පද්ධතිය විධිමත් කරනවා.

🔴 ඩිජිටල් ක්ෂේත්‍රයේ ආයෝජනය වෙනුවෙන් රුපියල් මිලියන 25,500ක්.

🔴 කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ නවතා දමා ඇති ව්‍යාපෘතිය 2026 වසරේ මුල් කාර්තුවේ දී ආරම්භ කරනවා.

🔴 හිඟුරක්ගොඩ ගුවන් තොටුපොලේ සංවර්ධන කටයුතු 2026 වසරේ දී අවසන් කරනවා.

🔴 අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්.

🔴 බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනාවක්.

🔴ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක් වෙන්කරනවා.

🔴 රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා. ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘතිවල යෙදවීමට කටයුතු කරනවා.

🔴 බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 8000ක්.

🔴 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 5900ක් වෙන්කරනවා.

🔴 කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරනවා.

🔴 කර්මාන්ත සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන 1000ක්.

🔴 ජාතික තනි වෙළඳ කවුළුව ස්ථාපිත කිරීම වෙනුවෙන් මිලියන 2500ක්.

🔴 ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සමාලෝචනයට නව ක්‍රමවේදයක් ඇති කරනවා.

🔴 ඇප රහිතව ව්‍යසායකයන්ට ණය ලබාදීම සඳහා දුන් පොරොන්දුව ඉටුකර තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7000ක් දක්වා මුදල් වෙන් කරනවා.

🔴 ආයෝජනය ගෙනෙන විදෙස් ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක් හඳුන්වා දෙනවා.

🔴 ඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කරනවා.

🔴 ආයෝජන කවුළුවක් නිර්මාණය කිරීමට දැනටමත් රුපියල් මිලියන 100ක් වෙන්කර තිබෙනවා.

🔴 කුරුණෑගල සහ ගාල්ලේ තාක්ෂණික ආයතන දෙකක් ගොඩනගා මේ වන විට ඒවා අතහැර දමා තිබෙනවා. ඒවායේ ණය ගෙවා දැමීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරනවා, අනතුරුව පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනවා.

🔴 ආයෝජන කලාප ආශ්‍රිත සේවා ආර්ථක කලාප නිර්මාණය කිරීමට තවත් රුපියල් මිලියන 1000ක්.

🔴 ආයෝජන සඳහා අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දීමට කටයුතු කරනවා.

🔴 ආයෝජන හිතකර සමාජයක් ගොඩගැනීමට කටයුතු කරනවා.

🔴 2026 අයවැය හිඟය 5.2 දක්වා අඩුවනු ඇති.

🔴 සෘජු බදු සහ වක්‍ර බදු අනුපාතය සියයට 60-40 අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා.

🔴 රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදකයෙන් 20% මට්ටමට ගෙන ඒම අරමුණයි.

🔴 රාජ්‍ය ආයෝජන සියයට 04කින් ඉහළ දැමීමට කටයුතු කරනවා.

🔴2026 දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 15.3% දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.

🔴විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලාගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරනවා.

🔴 මේ වසරේ ඇමරිකා ඩොලර් මිලියන 1373 ක වාහන ආනයනය කර තිබෙනවා.

🔴 මේ දක්වා වාහන ආනයනයට ඇමරිකා ඩොලර් මිලියන 1133ක ණයවර ලිපි විවෘත කර තිබෙනවා.

🔴 පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය ඇමරිකා ඩොලර් මිලියන 760 කින් ඉහළට.

🔴 නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම වෙනුවෙන් ජාතික වෙළඳ කවුළුවක්.

🔴 රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා.

🔴 මහජනතාවට අපරාධයක් වංචා දූෂණ කර තිබේ නම් සහතිකව දඬුවම් දීමට කටයුතු කරනවා.

🔴 2019 වසරේ පැවති ආර්ථික තත්ත්වය 2025 වසර අවසානයේ ළඟා කර ගැනීමට හැකියාව තිබෙනවා

🔴 2030 වන විට අපේ ණය ප්‍රමාණය සියයට 87ක ප්‍රමාණයකට ළඟා කර ගැනීමට කටයුතු කරනවා.

🔴 විදෙස් සංචිත ඩොලර් බිලියන හතක් කර ගැනීමට මේ වසරේදී අප බලාපොරොත්තු වෙනවා.

🔴 උද්ධමනය සීයට පහකට අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට උපරිම උත්සාහය දරනවා.

🔴 ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ආරම්භ කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
2
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?