අඹ කඩන්න ගිය තරුණයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

යකඩ කෙක්කකින් අඹ කැඩීමට ගිය තරුණයෙක් විදුලි සැර වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බිංගිරිය – පන්සල පෙදෙස පදිංචිව සිටි චතුර රශ්මික නැමැති 16 හැවිරිදි අයෙක්.

මොහු ඊයේ (16) පස්වරුවේ බිංගිරිය රෝහල අසල ඇති අඹ ගසකින් අඹ කැඩීම සඳහා යකඩ කෙක්කක් ද රැගෙන එම ගසට නැඟ තිබෙනවා.

එහිදී මොහු අත තිබූ කෙක්ක ඒ ආසන්නයෙන් ඇද තිබූ අධි බලැති විදුලිය රැහැනක පැටලී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී විදුලි සැර වැදී අනතුරට පත්වූ තරුණයා ප්‍රතිකාර සඳහා බිංගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ගතකළ කළ ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් හලාවත මහා රෝහලට මාරු කර යවා ඇති අතර, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම තැනැත්තා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15