අමෙරිකාව මැදිහත් වුණොත් ආපසු හැරවිය නොහැකි හානියක් වනවා – කමෙනිගෙන් ට්‍රම්ප්ට රතු එළියක්

ඊශ්‍රායල ප්‍රහාරවලට කිසියම් ආකාරයකින් අමෙරිකාව සම්බන්ධ වුවහොත්, ‘ආපසු හැරවිය නොහැකි හානියක්’ සිදු වන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.

බීබීසී පුවත් සේවය සිදු කරන මැදපෙරදිග යුද්ධය පිළිබඳ සජීවී වාර්තාකරණයේ සඳහන් වන පරිදි අද (18) ඉරාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් හරහා කමෙනි මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

‘ඉරාන ජාතිකයන් යටත් වන අය නොවේ’ යනුවෙන් කමෙනි වැඩිදුරටත් පවසනවා.

ඔහු පවසන්නේ “ඉරානය, එහි ජනතාව සහ එහි ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් මෙම ජාතියට තර්ජන භාෂාවෙන් කතා නොකරති, මන්ද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන” බව එම ප්‍රකාශයේ පුළුල් ලෙස අර්ථ දැක්වෙනවා.

ඊශ්‍රායලය බරපතළ වැරැද්දක් කර ඇති අතර එහි ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණදීමට ඔවුන්ට සිදු වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව අමෙරිකානුවන් දැනගත යුතු බවත්, ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බව ද කමෙනි අවධාරණය කරනවා.

ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ ඔවුන්ගේ භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බව ද කමේනි පවසා තිබෙනවා.

ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මූලාශ්‍රය – BBC

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
23
+1
3
+1
4
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?