අමෙරිකාව මැදිහත් වුණොත් ආපසු හැරවිය නොහැකි හානියක් වනවා – කමෙනිගෙන් ට්‍රම්ප්ට රතු එළියක්

ඊශ්‍රායල ප්‍රහාරවලට කිසියම් ආකාරයකින් අමෙරිකාව සම්බන්ධ වුවහොත්, ‘ආපසු හැරවිය නොහැකි හානියක්’ සිදු වන බවට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමෙනි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා තිබෙනවා.

බීබීසී පුවත් සේවය සිදු කරන මැදපෙරදිග යුද්ධය පිළිබඳ සජීවී වාර්තාකරණයේ සඳහන් වන පරිදි අද (18) ඉරාන රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් හරහා කමෙනි මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

‘ඉරාන ජාතිකයන් යටත් වන අය නොවේ’ යනුවෙන් කමෙනි වැඩිදුරටත් පවසනවා.

ඔහු පවසන්නේ “ඉරානය, එහි ජනතාව සහ එහි ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් මෙම ජාතියට තර්ජන භාෂාවෙන් කතා නොකරති, මන්ද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන” බව එම ප්‍රකාශයේ පුළුල් ලෙස අර්ථ දැක්වෙනවා.

ඊශ්‍රායලය බරපතළ වැරැද්දක් කර ඇති අතර එහි ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට මුහුණදීමට ඔවුන්ට සිදු වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉරාන ජාතිය යටත් කර ගත නොහැකි බව අමෙරිකානුවන් දැනගත යුතු බවත්, ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදුවන ඕනෑම මිලිටරි මැදිහත්වීමක් නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිදු කරනු ඇති බව ද කමෙනි අවධාරණය කරනවා.

ඉරාන ජාතිකයන් දිවි පිදූවන්ගේ රුධිරය සහ ඔවුන්ගේ භූමියට එල්ල වූ ප්‍රහාරය කිසි විටෙකත් අමතක නොකරන බව ද කමේනි පවසා තිබෙනවා.

ඊශ්‍රායලය තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානය කිසි විටෙකත් සමාව නොදෙන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මූලාශ්‍රය – BBC



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39