අමෙරිකාවේ නාවික හමුදාපති තනතුරට කාන්තාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාපති ලෙස පළමුවරට කාන්තා අද්මිරාල්වරියක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

38 හැවිරිදි අද්මිරාල් ලීසා ෆැන්චේටී (Lisa Franchetti) මෙම තනතුර සඳහා පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය අමෙරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු වනවා.

ඉන් අනතුරුවයි පත් කිරීම නිල වශයෙන් සිදු කරනු ලබන්නේ.

නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී ලෙස තහවුරු වුවහොත් ඇය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ප්‍රභූ කණ්ඩායමේ සාමාජිකාවක් වන පළමු කාන්තාව වනු ඇති.

38 හැවිරිදි වියෙහි පසු වන ඇය තරු හතරේ අද්මිරාල් නිලය අත්කර ගත් ඇමරිකාවේ දෙවන කාන්තාව ලෙසටයි සැලකෙන්නේ.

වත්මන් ප්‍රධානියාගේ සිව් අවුරුදු ධූර කාලය අවසන් වන විට Lisa Franchetti එම තනතුර භාර ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් බෙදී ගිය සෙනෙට් සභාව විසින් ඇයගේ පත්වීම ඉක්මනින් ස්ථිර කරනු ඇතැයි සිතිය නොහැකි බැවින් ඇයට වැඩ බලන ආකාරයෙන් ධුරයේ කටයුතු ආරම්භ කිරීමට සිදු වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34