spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවේ නාවික හමුදාපති තනතුරට කාන්තාවක්

අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාපති ලෙස පළමුවරට කාන්තා අද්මිරාල්වරියක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

38 හැවිරිදි අද්මිරාල් ලීසා ෆැන්චේටී (Lisa Franchetti) මෙම තනතුර සඳහා පත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය අමෙරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු වනවා.

ඉන් අනතුරුවයි පත් කිරීම නිල වශයෙන් සිදු කරනු ලබන්නේ.

නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානී ලෙස තහවුරු වුවහොත් ඇය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ප්‍රභූ කණ්ඩායමේ සාමාජිකාවක් වන පළමු කාන්තාව වනු ඇති.

38 හැවිරිදි වියෙහි පසු වන ඇය තරු හතරේ අද්මිරාල් නිලය අත්කර ගත් ඇමරිකාවේ දෙවන කාන්තාව ලෙසටයි සැලකෙන්නේ.

වත්මන් ප්‍රධානියාගේ සිව් අවුරුදු ධූර කාලය අවසන් වන විට Lisa Franchetti එම තනතුර භාර ගැනීමට නියමිතයි.

කෙසේවෙතත් බෙදී ගිය සෙනෙට් සභාව විසින් ඇයගේ පත්වීම ඉක්මනින් ස්ථිර කරනු ඇතැයි සිතිය නොහැකි බැවින් ඇයට වැඩ බලන ආකාරයෙන් ධුරයේ කටයුතු ආරම්භ කිරීමට සිදු වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?