කැබිනට් අමාත්‍යාංශ 08ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබෙනවා.
2023 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ, අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.එම්.පී.කේ. මායාදුන්නේ පත් කර තිබෙනවා.
එච්.කේ.ඩී.ඩබ්ලිව්. එම්.එන්.බී. හපුහින්න රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර,යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේසන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් කටයුතු කළ එම්. යමුනා පෙරේරා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්. නයිමුදීන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.
එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ පී.පී. ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇති අතර,ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පත්කර ඇත්තේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත් කර තිබෙනවා.
එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන අය නැවත වසරක කාලයක් සඳහා එම ධූරයන්ට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.




