ජාතික තරුණ සේවා සභාවේ ප්‍රගතිය විමසීමට ඇමතිවරයා එක්වෙයි

ජාතික තරුණ සේවා සභාවේ වසරේ ගෙවී ගිය කාලය තුළ සිදු කළ ව්‍යාපෘතීන් හි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් අද (28) තරුණ සේවා සභාවේදී පැවැත්වුණා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වනු ලැබුවා.

මෙහිදී මේ වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව හා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාව තුළ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මකභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමකින් ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි බවත් තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙහි දී පවසා තිබෙනවා.

තරුණ කෘෂි සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික තරුණ සේවා සිදුවන මගින් සිදු සිදුකරන වෘත්තීය පුහුණ පාඨමාලා සහතිකයකට පමණක් සීමා නොවී, බුද්ධිය ක්ෂේත්‍රයට පිවිසි පසු එයින් ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි පරිදි සකස් කළ යුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක පවසනු ලැබුවා.

යූත් ක්ලබ් සඳහා තවමත් සම්බන්ධ වී නොමැති තරුණ තරුණියන් සම්බන්ධ කරගැනීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ක්‍රීඩාව තුළ සැබෑ දක්ෂයින්ව මතු කිරීම පිළිබදව අවධානය යොමු කළ යුතු බවත්, ඒ සඳහා සැලසුම් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40
Video thumbnail
"මොකක්ද කියන්නේ තෝ - උඹට බයේ යන්න ඕනිද?" CTB - Private බස් අතර උණුසුම් තත්ත්වයක්..
02:17