අම්මා පණ අදිද්දි පපරේ දාලා නටන Generation එකක් වෙන්න එපා !

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයා ඇතුළු රටේ දේශපාලන බල අධිකාරියට එරෙහිව මේ වන විට මහජනතාව විදි බසින්නට පටන් ගෙන දින කිහිපයක් වනවා.

ඉන්ධන, විදුලිය, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ඇතුළු නොයෙකුත් ද්‍රව්‍යවල ඇතිවී තිබෙන හිඟකම අමතක කර ජනතාවට මහ පාරට බැස්සේ රටට හෙටක් සෑදීමට කියා පළමුව සිතුවත් දැන් එය ෆැෂන් එකක් වී ගෙන එන තත්ත්වයක් පෙනෙන්ට ඇත.

ඒ අරගලයට වඩා ආතල් එකක් ගැනීමට සිතනා කොටසක් සැබෑ අරගලයේ වටිනාකම යටපත් කරමින් සිටින බැවින්ය.

සැබවින්ම අරගලයේ අප මේ සටන් පාඨ දුටුවා ද?

1) මැති ඇමතිලාට වාහන පර්මිට් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද ?

2)නිල නිවාස නොමිලෙ වතුර,විදුලිය,දුරකතන බිල් දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

3) මැති ඇමතිලාට පොලිස් හමුදා ආරක්ෂාව දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද ?

4) මැති ඇමතිලාට අසීමිත කාර්‍යාලය මඩල දෙන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

5) රාජ්‍ය ආයතනවලට නිසි ප්‍රමිතියකට සේවකයො ගන්න කියලා පෝස්ටර් තිබුනද ?

6) මැති ඇමතිලාට හිතුමතේ රාජ්‍ය සේවට මිනිස්සු දාන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

7) දුම්රිය,බස් ඇතුලු පොදු ප්‍රවානය කාර්‍යක්ෂම කරලා ඒවාගෙන් ගසාකන උන් එලවන්න කියලා පෝස්ටර් තිබුනද

8) සංස්ථා සභාපතිලා ඇතුලු ඉහල රාජ්‍ය නිලධාරින් ලබන අධික වැටුප් දීමනා අඩුකරන්න කියලා පෝස්ටර් තිබුනද..?

9) රාජ්‍ය රෝහල් පද්ධතිය දියුණු කරලා මිනිස්සුන්ව මරාගෙන කන පුද්ගලික රෝහල් විගනනය කරලා පුද්ගලික රෝහල් වෙනුවෙන් රජයෙ රෝහල් ඇතුලු යන්ත්‍ර විනාශ කරන දොස්තරලා ඇතුලු සේවකයින්ට දඬුවම් දෙන්න කියලා පෝස්ටර් තිබුනද ?

10) මිනිස්සුන්ව සූරා කන කුඩා හා මහාපරිමාන ව්‍යපාරිකයෝ හොයලා දඬුවම් කරන්න,ඔවුගෙ ව්‍යපාර තහනම් කරන්න කියලා පෝස්ටර් තිබුනද..

11) ජරාවකන රාජ්‍ය නිලධාරින්ට තදින් නීතිය ක්‍රියාත්ම කරන්න කියලා පෝස්ටර් තිබුනද..?

12) පොලීසිය දේශපාලන අතකොලු කරගන්න එපා කියලා පෝස්ටර් තිබුනද..?

ඇත්තම අරගලේ මේවා නෙමෙයිද..?

අවසානේ අරගලේ තිබුනේ ඇත්ත යටගිහින් ලෝකයටම විහිලුවක් වෙන පෝස්ටර් ටිකක් විතරයි..

No description available.
No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51