අම්මව රැවැට්ටුවට, අම්මට හරි ආදරෙයි. එයා නිතරම ඉන්නෙ හරිම දඟකාර විදියට.

මෙයාගෙ නම ෂෙනායා ඇනීසා වැනොෆ්. නමුත් මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර, ඇය ජනප්‍රියව සිටින්නේ හිතළඟ හිනැහුණා නාට්‍යයේ ‘කිරුළි’ ගේ චරිතය නිසයි. එහි සිහිනට පෙම්බැඳි මේ කිරුළි කවුද? ෂෙනායා ඇනීසා වැනොෆ්ගෙන් ඒ විස්තර අපි අහමු.

ෂෙනායා ඇනීසා වැනොෆ්, අපි කොහොම කතා කළොත්ද හොඳ?

‘‘ෂෙනායා වැනොෆ්’’ කියලා කියන්න.

එහෙම නම්, ෂෙනායාගෙ පවුලෙ විස්තර කියමු?

අම්මගෙ නම ඈන් රෙමෝනා වෙබ්ස්ටර්. තාත්තාගෙ නම බර්ට්‍රම් වැනොෆ්, ලොකු අක්කගෙ නම නියෝමි තිරිස් වැනොෆ්, දෙවැනි අක්කගෙ නම ඩෙල්රින් ඩිල්රුක්ෂි වැනොෆ්, තුන්වැනි අක්කගෙ නම ඔනෙලා දිල්හානි වැනොෆ්.

ඒ කියන්නෙ ගැහැණු ළමුන් හතර දෙනෙක් සිටින පවුලේ බාලයා ෂෙනායා?

ඔව්, ඒ ඔක්කෝගෙම ආදරය ලබන ‘‘ෂෙනායා’’ මම තමයි. මට ‘‘ෂෙනායා’’ කියන නම දාල තියෙන්නෙ මගෙ ලොකු අක්කා. අක්කලා තුන්දෙනාම විවාහ වෙලා ඉන්නෙ. මගේ ලොකු අක්කා නියෝමි විවාහ වෙලා ඉන්නෙ ගායක අමිල පෙරේරා එක්ක.

අක්කලා තුන් දෙනත් කලාවට සම්බන්ධයිද?

ලොකු අක්කා නියෝමි. ඒ දවස්වල නිරූපණ කටයුතුවල යෙදුණා. දැන් කරන්නෙ නැහැ. එයාට චූටි බබෙක් ඉන්නවා. අමිල අයියයි, නියෝමි අක්කයි විදෙස්ගත වෙලා හිටියෙ. මේ දිනවල ඇවිත් ඉන්නෙ අමිල අයියගෙ මියුසික් වැඩවලට. අමිල අයියත් මාර සපෝට් එකක් දෙන්නෙ මගෙ වැඩවලට. තුන්වැනි අක්කිටත් චූටි බබෙක් ඉන්නවා. අපි ඔක්කෝම හරි සතුටින්.

මේ අක්කලා නංගිලා හතර දෙනාගෙන් ලස්සනම කවුද?

අපේ ලොකු අක්කි, නියෝමි. 

ඒ වුණාට අක්කා නම් කියන්නෙ ෂෙනායා කියලයි?

නෑ නෑ අපේ ලොකු අක්කා සුදුයි හරිම ලස්සනයි.

‘‘හිතළඟ හිනැහුණා’’ ෂෙනායාගෙ පළවැනි ටෙලිනාට්‍ය රඟපෑමද?

ඊට කළින් ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒක අතරමග නතර වුණා. මම රඟපෑ නාට්‍ය අතරින් විකාශය වන පළවැනි නාට්‍ය මේක. ධනුෂ්ක රත්නායක අයියා අධ්‍යක්ෂණය කළ මේ නාට්‍ය රචනා කරන්නේ මහේෂ් රත්සර අයියා.

ෂෙනායාගෙ වයස?

අවුරුදු 21 යි.

තවම ඉගෙන ගන්නවද?

ඉගෙනීම් වෙනුවෙන් විදෙස්ගත වෙන්න බලාගෙන හිටියෙ. ඒ අතරදි තමයි මේ නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණෙ. හැබැයි මේ ගමන පටන් ගත්තෙ අවුරුදු 17 දී. මට මේ ගමන එන්න මුලින්ම පාර කියා දුන්නේ අපේ නර්තන ගුරුවරයා වන දිලීප ආරියරත්න සර්. එයා තමයි මුලින්ම මාව වෙළඳ දැන්වීමකට යොමු කළේ. මගේ ගැන වැඩි දෙනෙක් කතා කරන්න පටන් ගත්තෙ මැලිබන් ස්පයිසි ක්‍රැකර් ඇඩ් එක නිසයි. එයින් පස්සෙ ක්ෂේත්‍රයේ නිර්මාණවලට බොහෝ දෙනෙක් මාව හොයන්න පටන් ගත්තා. මේ ටෙලිනාට්‍යයේ රඟපෑමට පෙර දිගටම පෙනී සිටියෙ දැන්වීම්වලට.

ස්පයිසි ක්‍රැකර් ඇඩ් එකෙන් පස්සෙ?

ඊළඟට වැඩි පිරිසක් කතා කරන්න පටන් ගත්තෙ ‘‘රහසක් තියේ සුන්දර’’ මියුසික් ඩීයෝ එකෙන්. ඒක මේ වන විට මිලියන අටකට ආසන්න සංඛ්‍යාවක් නරඹලා තියෙනවා. හර්ෂාඩ් ඊබ්‍රාහිම්ගේ ගීතයක්. හැබැයි වැඩි දෙනෙක් අතර මේ දක්වා මගේ රූපය මතකයේ රැඳුණෙ ‘‘ස්පයිසි ක්‍රැකර් ඇඩ් එකේ’’ ‘‘නැන්දම්මව දැක්කාම නොදැක්කා වගේ යන්න බෑනේ’’ දෙබස සහ මගේ රඟපෑමටයි.

ෂෙනායාට, ‘‘ෂෙනී’’ කියන්නෙ කවුද?

මගේ යාළුවෝ තමයි. එයාලා ආදරේට මට කතා කරන්නෙ ‘‘ෂෙනී’’ කියලයි.

‘‘ෂෙනී’’ ට හිතළඟ හිනැහුණා, කිරුළි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

අර ඇඩ් එකෙන් පස්සෙ බොහෝ අධ්‍යක්ෂවරු මාව හොයන්න පටන්ගෙන තිබුණෙ. ඒත් 2020 වෙනකල් මම රඟපෑමට ආවෙ නැහැ. කොහොම වුණත් ‘‘ඇඩ්’’ එක නිසා තමයි මට රඟපෑමට අවස්ථා ලැබුණෙ කව්වොත් හරි. අශේන් සිරිවර්ධන අයියා තමයි මුලින්ම මට කතා කරලා කිව්වෙ, මේ විදියට රඟපෑමට අවස්ථාවක් තියෙන බව.

‘‘කිරුළි’’ කියන්නෙ නිතරම අම්මව රවට්ටන කෙනෙක් නේද?

අම්මව රැවැට්ටුවට, අම්මට හරි ආදරෙයි. එයා නිතරම ඉන්නෙ හරිම දඟකාර විදියට.

‘‘සිහින’’ ගැන කියමු?

‘‘සිහින’’ ලෙස රඟපාන දෙව්නක පෝරගේ අයියා මට හරියට මගේම අයියා කෙනෙක් වගෙයි. මගේ රංගනයේ අඩුපාඩු කියා දෙමින් මට සෑහෙන උපදෙස් දෙමින්, මාව උනන්දු කරවන චරිතයක්. මාරම සපෝට් එකක් දෙන, මාරම හොඳ කෙනෙක්.

‘‘ෂෙනි’’ ගෙදරදි මොනවගේද?

සැබෑ ජීවිතේදි අම්මාව රවට්ටන කෙනෙක් නම් නෙවෙයි. මොනව හරි දෙයක් ගැන කරන්න, කියන්න තියනව නම්, කෙළින්ම ඒ ගැන අම්මගෙන් අහනවා. හැබැයි ඉතින් ඒ තරම් දඟකාර නම් නැහැ. එක පාරටම අමුත්තන් එක්ක කතා බහට වැටෙන චරිතයක් නොවෙයි මම. හැබැයි හිතට ඇල්ලුවොත් මම කියවාගෙන, කියවාගෙන යන කෙනෙක්. නවත්තන්නෙත් නැහැ. මට වඩා වැඩිමල් අය එක්ක මම වැඩිය මිත්‍රශීලි වෙන්න යන්නෙ නැහැ. මගේ සම වයසේ යාළුවොත් එක්ක හරිම මිත්‍රශීලියි. ගාණට ඉන්න කෙනෙක්. යාළුවොත් එක්ක ඔය පිස්සු වැඩ කරන කෙනෙක්.

මොනවද කරන පිස්සු වැඩ?

දන්නෙ නැද්ද ඉතින්. අපි එකතුවෙලා කතා කරනවා, කෑමට කොහේ හරි රෙස්ටුරන්ට් එකකට යනවා. ඒ වගේ තමයි. යාළුවෝ ගෙදර එනවා. හැබැයි කොහේ ගියත් අම්මා එක්ක යන්නෙ. තවම තනියම කොහේවත් ගිහිල්ලා නැහැ.

‘ෂෙනී’ ඉගෙනීමට වඩා උනන්දු වෙන්නෙ?

ෆැෂන් ඩිසයිනින්, බියුටි කල්චර් වගේ වැඩවලට තමයි උනන්දුව තියෙන්නෙ.

මස්සිනා, වන අමිල පෙරේරාගේ මියුසික් වීඩියෝවලට පෙනී සිටියෙ නැද්ද?

අයියා මියුසික් වීඩියෝ කරන්න පටන් ගන්නකොට මම ගොඩාක් පොඩියි. ඒ නිසා ඒ දවස්වල එයා කැමති වුනේ නැහැ. ළඟදීම එයාගේ මියුසික් වීඩියෝ එකක් එනවා. ඒකෙ නම් ඉන්නෙ මම.

‘‘ෂෙනී’’ දවස ගෙවන විදිය සහ ඉන්න විදිය ගැන කියන්නකො?

මට ඉක්මනට දුක හිතෙනව, කවුරුහරි බැන්නොත් ඉක්මනටම හඬන කෙනෙක්. ඉක්මණටම දුක හිතෙන කෙනෙක්. මට කේන්ති ගියාම පිටට පෙන්නන්නෙ නැහැ. මම තනියම ඒක විඳදරා ගන්නවා. ඒ හැරුණාම නිතරම සතුටින් ඉන්න කෙනෙක්. දැන් ගෙදර ඉන්නෙ අම්මයි – තාත්තයි මමයි විතරයි. ඒ දෙන්නා එක්ක සතුටින් දවස ගෙවනවා. යාළුවො එනවා. එයාලා එක්ක ජීවිතය සතුටින්.

කාමරේ දොර වහගෙන තනියම ඉන්නෙ ඇයි?

ආ… ඒ ගැන අම්මද කිව්වේ? ඒ මට තරහ ගියාම මට තනියම ඉන්න ඕනෑ. ඒ වෙලාවට කාමරේ දොර වහගෙන තනියම කේන්තිය ඉවර වෙනකල් කාමරේට වෙලා ඉන්නෙ. ඒ වෙලාවට කවුරුවත් මට ඩිස්ටර්බ් කරනවට කැමති නැහැ. ඒ වෙලාවට එක්කෝ ස්ටෝරි එකක් කියනවා. නැත්නම් කාමරේ පිළිවෙලට අස්පස් කරනවා. මම ෆෝන් එකට ඇබ්බැහි වූ කෙනෙක් නෙවෙයි. සමාජ මාධ්‍ය නැත්නම් සෝෂල් මීඩියාවල මම නැහැ. තවත් විශේෂ දෙයක් කියන්නම ඕනෑ.

ඒ මොකක් ගැනද?

මම ෆේස්බුක් නැහැ. ජීවිතේට තවම මම ෆේස්බුක් ඇවිත් නැහැ. ඒ නිසා ඒ ගැන මුලින්ම මම කියන්න ඕනෑ. හැබැයි මගේ නමින්, බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් මගේ ආදරණීය රසිකයින්ට කියන්න කැමතියි. ඒ මම නෙවෙයි. ඒවා ඔක්කෝම බෝරු ඒවා. ෆේක් එකවුන්ට්. ඉදිරියේදී පවා මම ෆේස්බුක් නැහැ. ඒ නිසා කවුරුවත් රැවටෙන්න එපා.

ෂෙනි කෑම වර්ජනය කරන කෙනෙක්ලු නේද?

සාමාන්‍යයෙන් මගේ හැටි තමයි දවසට දෙපාරක් කෑම නොකා ඉන්න එක. මම වැඩිය කන කෙනෙක් නෙවෙයි. මම මාරම ආසයි කාටුන් නරඹන්න. එමෝජි නිතරම නරඹනවා. උයන්න දන්නෙ නැහැ. ඒත් පැණි රස කෑම ඕනැ එකක් හදන්න මට පුළුවනි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?