අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ අද (31) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.
නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිත කර ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයවලදී අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1