අම්බලන්තොට සහ ඒ අවට ප්‍රදේශවල තරුණ තරුණියන් සහ පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදාහැරීමට ගෙන ආ මත්කරල් 490ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු ඊයේ (26) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බවයි අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාල බලකාය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අම්බලන්තොට, උහපිටගොඩ, සමාධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
ලද තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පියතිලකගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




