අම්බලන්ගොඩ සහ ඇල්පිටියේ ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කරන්දෙණිය, මහාගොඩ පුරාණ අම්පිටිය දේවාලයේ පෙරහැර හෙට (05) දින දහවල් 02.00 සිට රාත්‍රී 07.00 දක්වා අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව පෙරහැර අම්පිටිය දේවාලය අසලින් ආරම්භ වී අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර මහ ඒදණ්ඩ හන්දිය දක්වා ගමන් කරනු ලබනවා.

එලෙස පෙරහැර ගමන කරනු ලබන්නේ අම්බලන්ගොඩ – ඇල්පිටිය මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන කුරුදු ගහහැතැක්ම පිවිසුමට ගමන් කරනු ලබන මාර්ගයේ වන බැවින් ඉහත කාල සීමාව තුළ රථවාහන තදබදයක් ඇති විය හැකි බවත් එය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
11
+1
3
+1
4
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?