Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – ධීවර යාත්‍රා හිමිකරුවෙක්ට තුවාල (වීඩියෝ)

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද උදෑසන 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බහුදින ධීවර යාත්‍රා හිමිකරුවෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

වරුෂවිතාන මිරංග නැමති මෙම පුද්ගලයා අම්බලන්ගොඩ, පොරඹ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

මොහු අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ ඥාතියකු (මස්සිනා) බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?