අම්පිටියේ සුමනරතන හිමිට ඇප

අම්පාර කොට්ඨාස අපරාධ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණු මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ හිමිනම අද (23) දින අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් අම්පිටියේ සුමනරතන හිමි අද (23) අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්