අම්පාර ට්‍රැක්ටර් අනතුරින් අතුරුදන්ව සිටි තවත් සිසුවෙකුගේ සිරුර හමුවෙයි

අම්පාර, කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ දී පසුගිය 26 වනදා ජල පහරකට හසු වී ට්‍රැක්ටර් රථයක් පෙරළී සිදු වූ අනතුරින් අතුරුදන්ව සිටි තවත් සිසුවෙකුගේ මළ සිරුර හමු වී තිබෙනවා.

නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමක දී අද (30) උදෑසන මෙම සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සමන්තුරය, මලයාඩි ග්‍රාමම් 02 ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක සිසුවෙකුගේ මළ සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

මෙම අනතුරින් අතුරුදන්ව සිටි ට්‍රැක්ටර් රථයේ රියදුරු, සිසුන් 06 දෙනෙකුගේ සහ එහි ගමන් ගත් තවත් අයෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 26 වනදා පස්වරුවේ ගංවතුර තත්ත්වයක් පැවති අවස්ථාවක නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් කාර්තිව් බස් නැවතුම්පොළ අසළ පාලමකින් පෙරළී මෙම අනතුර සිදුව තිබෙනවා.

රථය අනතුරට ලක්වන අවස්ථාවේ දී නින්දවූර් ප්‍රදේශයේ මද්‍රසා පාසලක සිසුන් පිරිසක් එහි ගමන් කරමින් තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27